විනය විරෝධී ලෙස හැසිරුණු කමිල් මිෂාර නැවත ලංකාවට ගෙන්වයි


බංග්ලාදේශය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාර වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

තරග සංචාරක කොන්ත්‍රාත්තුව කඩ කරමින් විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් කමිල් මිෂාර මෙසේ නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව විනය පරීක්ෂණ්‍යක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. 



Recommended Articles